පියා මරුට: මවයි දරුවොයි රෝහලට


ගලේවෙල කුරුණෑගල  ප්‍රධාන මාර්ගයේ බෙලිගමුවේ දී මැටල්  ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ  රියැදුරු මිය ගොස් ඔහුගේ බිරිය සහ  දරු තිදෙනා  තුවාල ලබා දඹුල්ල හා ගලේවෙල රෝහල්වලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් වන්දනා ගමනක් ගොස් එමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.