පියා නමින් සුමංගලයෙට රඟ මඩලක්


( සංඛ විජේසූරිය හික්කඩුවේ සිට ) - හික්කඩුව ශ්‍රී  සුමංගල මාධ්‍යමහා විද්‍යාලයේ  වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය විදුහල්පති එස්.ඒ.එස්.සූරියආරච්චි මහතාගේ ආරාධනයෙන්, විද්‍යාලීය ආදි ශිෂ්‍යන් වන විශේෂඥ වෛද්‍ය ජයන්ත වික්‍රම සහ විශේෂඥ වෛද්‍ය අසෝක ජයසේන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වින.

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලීය ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ 1961-1965 දක්වා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන අභාවප්‍රාප්ත ඩී.ඒ.ජයසේන මහතා ලාංකීය පාසල් පද්ධතියට ප්‍රථම වතාවට එළිමහන් රංග පීඨයක් මෙම විද්‍යාලයේ ඉදිකර තිබෙන අතර එම රංග පීඨය නවීකරනය කර  " ඩී.ඒ.ජයසේන අනුස්මරණ එළිමහන් රංග පීඨය"  ලෙසින් එම මහතාගේ පුත් විශේෂඥ වෛද්‍ය ජයසේන මහතා විසින් විවෘත කරන ලදී.