පියා දරුවන්ගේ මාරයා වේ


එංගලන්තයේ ඩර්බි ප්‍රදේශයේ ගේ ගිනි තබා තම දරුවන් 17 දෙනාගෙන් හය දෙනකු මරා දැමීයැයි මයික් පොල්පොට් (56), ඔහුගේ බිරියක මේරි ඇඩ් (31) හා මිතුරකු වූ පෝල් මෝස්ලි (46) අනියම් මිනී මැරීමට වරදකරුවන් කරමින් ලන්ඩන් උසාවියක් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මයික් එම ගෙට ගිනි තබා ඇත්තේ ඔහු හැර ගිය පෙම්වතිය ඊට අසු කිරීම සඳහාය.

මෙම ඝාතන දුෂ්ට, කාලකන්නි හා ලජ්ජා සහගත ක්‍රියා යැයි උසාවිය ප්‍රකාශ කළේය.

ගැහැණු සොඩකු වූ මයික් බිරියන් පස් දෙනකුගෙන් මේ දරුවන් ලැබී ඇත.

ගින්න පැතිරෙද්දී ඔවුන් බේරා ගැනීමට අසල්වැසියන් පැමිණියත් ගින්නත් දුමාරයත් නිසා ඔවුනට කිසිවක් කර කියා ගත නොහැකි විය.

දරුවන් පිළිස්සී මිය ගොස් සිටියදී  ඝාතනයේ තෙවැනි සැකකරු වන මයික්ගේ අණ කිරීම අනුව ඔහුගේ බිරිය ඝාතනයේ තෙවැනි සැකකරු වන පෝල් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව ද උසාවියේදී කියැවිණි.

එංගලන්ත රජයෙන් ලැබෙන සුබසාධන මුදල් ලබා ගත් මයික් ඔහු වසඟයට ගත් ගැහැණුන්ගේ මුදල් හිමිකරගත් පුද්ගලයෙක් බවත්, නඩු තීන්දුව ගැන ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුට ප්‍රකාශ කළ බවත් කියැවිණි.