පියා දරුවන් සමඟ අට්ටාලයකට නඟී


මීගහවත්තේ දෙදරු පියකු බිරියගේ ගම වන පිළියන්දලට පැමිණ දරු දෙදෙනා සමඟ ගොඩනැඟිල්ලක දැන්වීම් පුවරුවක අට්ටාලයකට නැඟ සිටියදී පොලීසිය උපක්‍රමශිලීව ඔහු බිමට ගත්තේය. ඒ වන විට ඔහුගේ ගෙලේ කඹයක්ද එතී තිබිණි.

ඔහුගේ ඉල්ලීම වනුයේ දරුවන්ගේ මව සොයා දෙන ලෙසයි.

පිළියන්දල පොලීසිය පැවසුයේ  දරුවන්ගේ මවද සොයා සැමියාද අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි.