පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා


(කේ බුද්ධික කුමාරසිරි)

තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල ඉහල තල්දූව තල්දූව වත්තේ පදිංචිකරුවකු වන මෙම සැකකරැ දරුවා පොලොවේ ගැසීමෙන් පසු බිරිද ඉදිරිපිටට ගොස් වස පානය කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරැවා සහ සැකකරැ දෙදෙනාවම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ගත කල සැකකරු මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අනතුරට පත් දරුවාගේ හිස පැලී ඇති බවත් කන්වලින් ලේ පිටව තිබූ බැවින් අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වහාම වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට ඇතුලත් කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.