පියසේන ගමගේ අල්ලස් කොමිසමට එයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිටපු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා  ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

අද පෙරවරුවේ එම කොමිසමට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී එයින් පිටව ගිය බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය