පියයුරු කුඩා කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂයකට පොරොන්දුවී රුපියල් 50,000 ක් ගෙවා කැළණියේ වෛද්‍යවරයකුගේ ගෙදරදී සැත්කමක් කරවා ගත් බව කියන කාන්තාව (41) කොළඹ ජාතික රෝහලට ඇතුළුවූ බව රෝහල් ආරංචි කියයි.
ඇගේ තුවාල ආසාදනය වීමෙන් පසු ඇය ජාතික රෝහලට පැමිණියාය. සැත්කම කළ වෛද්‍යවරයාට තම නිවසේදී එවැනි සැත්කමක් කිරීමට පහසුකම් ඇත්දැයි පොලිසිය සොයයි.
ලොකු පියයුරු කුඩා කරන බවට පළවූ දැන්වීමක් අනුව ඇය ඔක්තෝබර් 17 වැනිදා මෙම සැත්කම කරගෙන ඇත.

