පියයුරු පිළිකා පිරික්සන මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර ගම් වලට බෙදයි


පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කරන ජංගම මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර විදෙස් රටවලින් ආනයනය කර ගම් මට්ටමින් නොමිලේ බෙදාහැරීමට පිළිකා සරණ භාරය කටයුතු කරන බව එහි නිර්මාතෘ කතානායක කරු ජයසූරිය මහතා පවසයි. 

රෝගීන් සදහා සහාය වන නොමිලයේ ඇමතිය හැකි ක්ෂණික ඇමතුම් සේවාවක් 011-2363211 ඔස්සේ අරඹා ඇති බව ද ඉදිරියේදී කුඩා දරුවන් වෙනුවෙන් රැකවරණ පියසක් මහරගම අපේක්ෂා රෝහල නුදුරින්ම අරඹන බව ද ඒ මහතා සදහන් කරයි.