බිබිල කොටසර පියන්ගල රජමහා විහාරයෙන් මාස එකහමාරකට පමණ පෙර සොරකම් කළ බුදු පිළිම වහන්සේ හසලක කානිගල විල්ලුවකින් සැකකරුවන් සිව් දෙනකු සමග සොයා ගත් බව පොලීසිය කියයි.
එක් සැකකරුවකු යුද හමුදාවේ සෙබළකු බවත් අනෙකා යුද හමුදාවෙන් පැන ගිය අයකු බවත් පුජකයකු ද විදුලි කාර්මිකයකු ද සම්බන්ධ බවත් සොයාගෙන ඇත.
පියන්ගල විසු හිමි නමක් මෙම කොල්ලය සැලැසුම් කරන්නට ඇතැයිද කිලෝ එකසිය හතකට ආසන්න බර මේ පිළිම වහන්සේ අගල් 21 ක් උසය.

