පසුගියදා ධර්මදුත වැඩසටහනක් සඳහා සහභාගීවීමට ඉතාලියේ රෝම නුවරට වැඩම කළ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්හට වතිකානුවේ විශේෂ ආරාධනාවකින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා අවස්තාවක් ලැබිණි.
මෙම අවස්තාව සඳහා පියදස්සි හිමියන් සමඟ අකුරටියේ නන්ද හිමියන් සහ නාගොඩ අමරවංශ නාහිමියෝද සහභාගී වුහ.
ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනමෙන් ප්‍රකාශයට පත් කැරුනු 2013 වෙසක් පොසොන් කලාපයේ පිටපතක් පාප් වහන්සේවෙත තුටු පඬුරක් ලෙස පිළිගන්වා ඇත.