පියතුමා ඉල්ලා මහාධිකරණයට පෙත්සමක්


2009 යුද සමයේ කොටි ග්‍රහණයෙන් මිදී සාමාන්‍ය වැසියන් ද සමග ආරක්ෂක අංශ සිටි පෙදෙසට පැමිණි බව කියන ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයේ ගොනු කළ නඩුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රාමනී විශ්වලිංගම් මහත්මිය විසින් ලබන 23 වැනි දා ට කල් තැබිණි.

ඔහු ගැන මෙතෙක් තොරතුරක් නැතැයි උසාවියේ දී කියැවිණි.

මේ නඩුව බැලීම සඳහා වව්නියාවේ කතෝලික පූජකවරු හා කණ්‍යා සොහොයුරියෝ 25 දෙනෙක් පමණ අද උසාවියට පැමිණ සිටියහ.