පිය පක්ෂයට නාමල් එක පයින්


අලුත් පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද, එසේ පක්ෂයක් පිහිටුවා ගන්නේ නම් තමන් පියා සමග එකතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.

යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට ශක්තිමත් විපක්ෂයක් ලෙස සටන් කරන බව ද ඔහු සඳහන් කළේය.