පිය උරුමය පුතාට


දෙහිඅත්තකණ්ඩියේ හෙනානිගල මහවැලි ආදී වාසී ගමේ නායක තලාවරිගේ කළු අප්පු (114)  අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවන් හා ආදීවාසී සිරිත් අනුව සිදු විය.

ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තා එහිදී කළු අප්පුගේ කෙටේරිය හා දුන්න  ඔහුගේ පුත් තලාවරිගේ සුදු බණ්ඩියාට පිරිනැමීය.

සුදු බණ්ඩියා හෙනානිගල උප නායකයා ලෙස පත් කළ බව ආදීවාසී නායකයා මතක් කළේය.

හෙනානිගල නායක තලාවරිගේ ගුණබණ්ඩියාට අවනත වී ආදී වාසී රැහේ උරුමය රැකීමට පොරොන්දු වෙමින් සුදු බණ්ඩියා ආදී වාසී නායකයාගෙන් දෙඅත් මත තම දෙඅත් තබා පොරොන්දු විම සනිටුහන් කළේය.