පිම්ම වරදී : හිරකරු දෙන්නාට වෙඩි වදී


අත් මාංචු පිටින් හොරණ  උසාවියට ගෙන ආ සැකකරුවන් දෙදෙනකු අත් මාංචු පිටින් පැනයන්නට ගත් උත්සාහය වෙඩි තබා  වළක්වා ගැනිමට හැකි වු බව බන්ධනාගාර නිලධරයෝ කියති.

පැහැරගත් මොරටර් රථයකින්  ගොස්  කොල්ල කෑවැයි  සැකපිට මේ දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.අඩුගානේ  සිව් වතාවක් පමණ වෙඩි පත්තු වු බවත් සිරකරුවන් දෙදෙනා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කළ බවත්  රෝහල් ආරංචි කියයි.