පිපිඤ්ඤා ගොවියා හාන්සියි


තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් සපයන පිපිඤ්ඤා සඳහා ගෙවන මිල ශීග්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු කියති.

දින තුනකට පෙර කිලෝව රුපියල් 70-80කට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝව අද වන විට රුපියල් 2.50ත් 3.00 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පවසති.

මිල පහත යෑම නිසා අලෙවි කර ගැනීමට නොහැකි වූ පිපිඤ්ඤා ප්‍රධාන මාර්ග අසළ දමා ගොස් ඇති අයුරුද දැක ගත හැකිය.