‘පිනිබර යාමේ සැවුළන් හඬලනවා...‘ යනුවෙන් තමා ලියූ ගීතය අනවසරයෙන් කොපි කර විකිණීමට ක්‍රියා කළැයි ටොරානා මියුසික් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක වන්දි ඉල්ලමින් ගීත රචක ලූෂන් බුලත්සිංහල කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංගීත ප්‍රසංගයකදී සුනිල් එදිරිසිංහ ගැයූ ගීතය තැටිගත කර ඇතැයි බුලත්සිංහලගේ පැමිණිල්ලේ සඳහන් වේ.

