ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව මගින් වසර ගණනාවකට පෙර ආරම්භ කිරිමට නොහැකිව පැවති පින්නවල විවෘත සත්වෝද්‍යානය අප්‍රේල් 17 වැනිදා විවෘත කිරීමට නියමිතය.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, හා උසස් අධ්‍යාපන මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම්, ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා පවසයි.
අක්කර 140 භුමි ප්‍රමානයක් තුළ ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට සිර කිරිමකින් තොරව නිදැල්ලේ සැරි සැරිමට ඉඩසලසා ඇත. නරඹන්නන්ටද මෙහි සිටින සතුන් පැති කිහිපයකින් නැරඹිය හැකි විමත් විශේෂත්වයක් වේ.
17 වැනිදා විවෘත කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා නරඹන්නනට නොමිලේ මෙම විවෘත සත්වෝද්‍යානය නැරඹිය හැකි බවත් අධ්‍යක්ෂ ඡනරාල් වරයා පැවසීය.





