පින්නවලට අද විසිදහසක් ඇවිල්ලා


පින්නවල එළිමහන්  සත්තු  වත්ත විවෘත වු  අද (17) විසිදහසක පිරිසක් පැමිණි  බව එහි  පාලක අනුර ද සිල්වා  මහතා  කියයි. මැයි  01 දක්වා  නොමිලේ  එහි ඇතුළු විමට  ඉඩ ලැබෙන  නමුත්  ඇතුළු වන පිරිස  ගණන්  ගැනිම සඳහා සෙනසුරාදා  සිට නොමිලේ  ටිකට්පත්  නිකුත්  කරන බව ඔහු  කියයි. මැයි  01 පසු  වැඩිහිටියෙකුගෙන්  100/-ක්ද, ළමයෙකුගෙන්  30/- ක්ද, පාසල්  සිසුවෙන් 20/- ක්ද, විදේශිකයෙකුගෙන්  1000/- ක්ද  සහ විදේශික ළමයෙකුගෙන් 500/- ක්ද  අය කිරිමට  නියමිතය.