ඉන්දියාවේ ”පුනේ” නගරයේදී ජූලි 1 වැනිදා පැවැත්වෙන ආසියානු මළල ක‍්‍රීඩා සංගමයේ නිලවරණයේදී ශ්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමයේ ලේකම් පේ‍්‍රමා පින්නවල මහතා එහි මධ්‍යම කමිටුවේ ස්ථානයක් සඳහා නාම යෝජනා බාරදී තිබේ.
පින්නවල මහතා පසුගිය නිලවරණයේදී ද මධ්‍යම කමිටුවට තේරී පත්වූ අතර මෙවර නිලවරණයට රටවල් 45ක නියෝජිතයෝ ඉදිරිපත්ව සිටිති.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රීඩා උපදේශකවරයෙකු ලෙසත් දැනට කටයුතු කරන පින්නවල මහතා සරසවි පොත් ප‍්‍රකාශන සමාගමේ සාමාන්‍යාධිකාරී ධුර දරයි. හෙතෙම වසර 17 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය හෙබවීය.