පින්නවල අලින්ට පෙරහැරට යන්න වරම්


පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි, පෙරහැරවල් ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා ලබා දීමට හැකියාව ඇති බව රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා කොළඔ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

වනජීවී දෙපාර්තමෙන්තුවට බැදී ඇත්ගොව්වන් ලෙස සේවය කිරීමට පුහුණුව ලබා සිටින කාන්තාවන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන් රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා මේ වන විට කාන්තාවන් කිහිප දෙනෙකුම ඇත්ගොව්වන් ලෙස සේවය කරන බවද අධිකරණයට දැන්ම් දුන්නේය.

කෑලෑ වලින් හොර රහසේ අල්ලා ව්‍යාජ ලේඛන මත අලි පැටවු තබාගෙන සිටින බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.