පිදුරුතලාගල සංරක්ෂිතයේ අර්තාපල් වගාව සදහා කැලෑව එළි කරමින් ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වලට හානි කළැයි රිමාන්ඩ් කර සිටි තිදෙනකු රුපියල් 7500 බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහරින්නැයි නුවරඑළිය මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්.හේවාවසම් මහතා අද (22) නියෝග කළේය.
නුවරඑළිය හාවාඑළියේ වෙදාලාගේ ප්‍රදීප් නුවන් පේමරත්න , නුවරඑළියේ ටී. සෙබස්තියන් සහරාගල නඩරාජ් කුමාර් එසේ ඇප ලදහ.
පිදුරුතලාගල රක්ෂතයේ මුහුදු මට්ටමින් අඩි 7900කට වඩා ඉහල කඳුකරයේ අංශක 60 කට වැඩි ආනතියක් ඇති ප්‍රදේශයක ශ්‍රී ලංකාවට ආවේනික මහරත් මල් ,අශෝක වැනි වසර 500 කට වඩා පැරණි ශෘක කපා සැකකරුවන් අර්තාපල් වගාව සදහා කැලෑව එලි කළ බවට නුවරඑළිය අඩවි වන නිලධාරී අජිත් ජයසිංහ මහතා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයේ කරුණු දැක්වීය.