පිදුරු දුන් අතින් කිරිබත් කවයි


බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ අවුරුදු කෑම මේසයේදී බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අජිත් අසේල ද සොයිසා මහතා බලපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න සිල්වා මහතාට කිරිබත් කැවීය.
මීට වසරකට පමණ පෙර අසේල ද සොයිසා මහතා සභාපතිට පිදුරු කවන්නට උත්සාහ කෙළේය. තෙල් මිල වැඩිකිරීම ගැන රජයට විරෝධය පළ කිරීම එහි අරමුණ විය.