පිදුරංගල අසභ්‍ය ඡායාරූප සිද්ධියේ තිදෙනා වරද පිළිගනිති


( කාංචන කුමාර ආරියදාස )
 

පිදුරංගල  ගල මත අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය හරහා මුදා හැරියේ යැයි සැකපිට රිමාන්ඩි බාරයේ සිටි තිදෙනා  අද (10) වරඳ පිළිගත්හ.

ඒ අනුව එම තිදෙනා අතර සිටි පාසල්අ සිසුවාට අවවාද කර මුදා හැරීමටත්  අනෙක් තරුණයන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 1500 බැගින් රජයේ මුදල් ගෙවීමටත්   දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා  අද(10)  නියෝග කළේය.

මෙසේ  දැඩි ලෙස අවවාද කර නිදහස් කරනු ලැබුයේ ගල්වෙල ප්‍රදේශයේ පදිංචි  පාසල් සිසුවා සහ  ,සපුමල් දීමන්ත සුබසිංහ ,එල් .ඒ .ඒ .පියුමාල් යන  දහ නව හැවිරිදි වියේ පසුවන  තිදෙනෙකි .

පසුගියදා  පිදුරංගල ගල  මතට නැග තම ශරීරයේ   අඩ නිරුවත් ඡායාරූප  ගෙන සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම  චෝදනා යටතේ  සිගිරිය පොලිසිය මඟින් ගලේවෙල ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ මෙම තරුණයින්ට පොලිසිය නඩු පවරා තිබිණි. නඩු වාර දෙකකදී මෙම තරුණයන් බන්ධනාගාර ගත කළ අතර අද යළි  නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීන්දුව ලැබිණි.

එහිදී ඉදිරිපත්වූ නීතිඥ මහත්වරුන් අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව  පුරාවිද්‍යා පනත යටතේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි එකක් වුවද එම චෝදනා යටතේ තවදුරටත් නඩුව විභාග වුවහොත් මෙම සිසුවා සහ  තරුණයන් දෙදෙනා දීර්ඝකාලීනව රක්ෂිත බන්ධනාගාර ගත වීමට ඉඩ ඇති නිසා මෙ මෙම නඩුවට වරද පිළිගන්නා බවයි .