පිතිකරුවන් අතර වේගය තවමත් ඩිල්ෂාන් සතුයි


වත්මන් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් අතරේ වේගවත්ම පිතිකරුවා ලෙස තවමත් තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණේ පසුවෙයි. මේ වන විට එක්දින තරග 259 කට සහභාගි වී ශතක 16 ක් සමගින් ලකුණු 7254 ක් ලබා සිටින ඩිල්ෂාන්ගේ ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතය 86.37 % කි. එනම් එක්දින තරගයකදී ඩිල්ෂාන් මුහුණ දෙන සෑම පන්දු 100 කින්ම ලකුණු 86.37 ක් රැස්කර තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වන ඩිල්ෂාන්ගේ ඉනිමක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය ලකුණු 36.82 ක් වුවද ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ නව පන්දුවට මුහුණ දෙන ඩිල්ෂාන්  ඕවර 50 ක් පුරා තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයද කරපින්නාගෙන සිටී.

තිසර පෙරේරා ලකුණු 110.48 ක ප‍්‍රහාරාත්මක ප‍්‍රතිශතයක් වාර්තා කරන නමුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන තිසර පෙරේරා පිටියට පිවිසෙන්නේ 8 වැනි පිතිකරුවා වශයෙනි. එවන් ස්ථානයක කී‍්‍රඩා කරන තුන් ඉරියව් කී‍්‍රඩකයකුගෙන් පිතිකරුවකු වශයෙන් අපේක්‍ෂා කෙරෙන්නේ හැකි තරම් වේගයෙන් ලකුණු රැස්කිරීම විනා තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගැනීම නොවේ. මක්නිසාද යත් ඒ වන විට ඉනිමේ සෑහෙන  ඕවර සංඛ්‍යාවක් යැවී ඇති බැවිනි.

 

කී‍්‍රඩකයා තරග ඉනිම  වැඩිම ලකුණු  ලකුණු ශතක අර්ධ ශතක සාමාන්‍ය ලකුණු වේගය 
තිසර පෙරේරා 56 39 69* 506 0 1 15.81 110.48
දිල්හාර ලොකුහෙට්ටිගේ 8 8 29 77 0 0 9.62 90.58
සිචිත‍්‍ර සේනානායක 10 7 22* 63 0 0 15.75 90.00
තිලකරත්න ඩිල්ෂාන් 258 233 160* 7254 16 29 36.82 86.37
කුසල් ජනිත් 7 6 56 166 0 1 55.33 84.26
ඇන්ජලෝ මැතිව්ස් 93 74 80* 1790 0 13 33.77 83.68
ජීවන් මෙන්ඩිස් 35 25 72 417 0 1 21.94 81.86
නුවන් කුලසේකර 134 84 73 923 0 2 16.48 79.02
ලසිත් මාලිංග 139 66 56 379 0 1 8.42 78.95
මහේල ජයවර්ධන 391 365 144 10892 15 68 33.20 78.24
කුමාර් සංගක්කාර 340 318 138* 11026 14 74 38.68 75.75
ළහිරු තිරිමාන්න 39 27 102* 743 1 4 30.95 75.12
දිනේෂ් චන්දිමාල් 53 50 111 1367 2 9 33.34 74.90
රංගන හේරත් 40 15 17* 58 0 0 8.28 69.87
ශමින්ද එරංග 5 4 2 3 0 0 1.50 25.00