පිටේ අත කපයි


චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්වූහ. සැත්කමට ධායක වූ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බවෝගන් පේන්ග් කියනුයේ දැරිය මව්කුසේ වැඩෙමින් සිටින අවස්ථාවේ වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් දැරියගේ ශරීරයට බද්ධවී ඇති බවයි. ලොව උපදින ලක් පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකි බව වෛද්‍ය බවෝගන් කියයි.