පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයාට යුරෝ 30000 ක වන්දියක්


ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවල් හා සරණාගතභාවය ඉල්ලා සිටියදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් 2013 දී පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකුට යුරෝ 30,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ජිනීවා හි මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයක් ස්විට්සර්ලන්ත රජයට නියෝග කර ඇතැයි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග පවසයි.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන මොහු එම සංවිධානයෙන් ඉවත් වී 2009 දී සිය බිරිඳ සහ දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පැමිණි බවත් පිටුවහල් කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තමා ඇතුළු පවුලේ අය කටුනායක ගුවන්තොටුපළේදී වද හිංසා හා හිරිහැරයන්ට ලක්වූ බවත් ඔහු අධිකරණයට කියා ඇත.

එලෙස පිටුහවල් කිරීම මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය කඩ කිරීමක්  බව තීන්දු කළ අධිකරණය නඩු ගාස්තු වෙනුවෙන් තවත් යුරෝ 4,770 මුදලක් ද ගෙවන ලෙසටත් නියෝග කළේය.