පිටුවහල් කළ ලාංකිකයා කටුනායකදී අල්ලයි


ව්‍යාජ ජර්මන් ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්   සිංගප්පුරුවේ  සිට ප්‍රංශයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක්  සිංගප්පුරුවෙන් පිටුවහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු වව්නියාවේ මාන්කුලම් හි පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 8 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් මෙරට සිට සිංගප්පුරුවට ගොස් ඇත. ඔහු ඒ සඳහා තම වලංගු ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

පසුව සිංගප්පුරුවේදී තැරැව්කරුවෙකු විසින් ව්‍යාජ ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් ඔහුට ලබා දී  තිබේ.

රුපියල් ලක්ෂ දහයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සැකකරුට ප්‍රංශයට යාම සඳහා ව්‍යාජ ලිය කියවිලි සකස් කොට දී ඇති බව කරන ලද විමර්ශනවලදී  හෙළි වී ඇත.