පිටියේ තත්ත්වය නරක්වී තරගය අතර මග නවතී


ශාන්ත අන්තෝනි සහ ශාන්ත ජෝෂප් විදුහල් අතර වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය ඒ කොටසේ රග්බි තරගය පිටියේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙවැනි අර්ධයේ 18 වැනි විනාඩියේදී නවතා දැමීමට විනිසුරුවරයා තීරණය කළේය. මෙම තරගය පෙරේදා බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවැත්විණ.

තරගය නතර කරන විට දෙපිලම ගෝල දිනුමක් බැගින් ලබා සමලකුණු තත්ත්වයේ පසුවූහ.

තරගය ආරම්භ වීමට පැයකට පමණ පෙර ධාරානිපාත වර්ෂාවක් ඇදහැලූණු අතර ඒ හේතුවෙන් බෝගම්බර කී‍්‍රඩාපිටියේ එක් කොටසක් ජලයෙන් යටවිය. ඒ හේතුවෙන් ශාන්ත ජෝශප් බලධාරීන් තරගය ආරම්භ කිරීමට විරෝධය පලකළ අතර සවස පහට පමණ ජලය බැසගිය පසු තරගය ආරම්භ කෙරිණ.

තරගයේ ප‍්‍රථම අර්ධයේ හතරවැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි පිලේ නායක යාකුන් අලි විසින් උත්සාහක දිනුමක් වාර්තාකළ අතර එහි ප‍්‍රවර්ථනය එන්. ඩිලාන් සාර්ථක කර ගත්තේය.

ශාන්ත ජෝශප් විදුහලේ ඉසුරු ගුණවර්ධන උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප‍්‍රවර්තනය දුලිප් ප‍්‍රනාන්දු විසින් සාර්ථක කරගන්නා ලදී. දෙවැනි අර්ධයේ තරගය නතර කරන තුරුත් කිසිඳු කණ්ඩායමක් ලකුණු රැස්කොට නොතිබිණි.