පිටි පටවන ලොරියකින් රැගෙන ගිය අවුරුදු තුනක ඇත් පැටවා පින්වල ඇත්අතුරු සෙවණට භාර දී සැකකරුවන් අගෝස්තු 27 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (14) නියෝග කළේය.
පොලිසිය නොමග යවමින් අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දි පසුගිය 12 වැනිදා මාතලේ බලකඩුවේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අලි පැටියා අත්අඩංගුවට ගෙන තිබිණි.

