පිටි මිල වැඩි කරන්න ඉල්ලයි


තිරිගු පිටි මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙක පාරිභෝගි අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. වැඩි කළ තෙල් මිලත් රුපියල අවප්‍රමාණ කිරීමත් නිසා තිරිගු මිල වැඩි කිරීමට සිදුවී ඇතැයි එම සමාගම් පවසයි. තිරිඟු ඇට ආනයන බද්ධ අඩු කරතොත් පිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එහෙත් අඩු නොකරහොත් කිලෝව රුපියල් හයත් හතත් අතර මිලකින් වැඩි කිරීමට සිදුවන බවත් සමාගම් දෙක අධිකාරියට කරුණු දක්වා ඇත. පිටි මිල වැඩි වුවහොත් පාන් ගෙඩියේ මිල යළිත් වැඩිවීමට ඉඩ ඇතැයි වෙළඳ පොළ අරංචිමාර්ග කියයි.