පිච්ච මලින් සිරි මා බෝ සමිඳු පුදයි


 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා 25 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සවස පැවැත්විණි. කොටපොළ අමරකිත්ති හිමියෝ මෙම පිංකම සංවිධානය කරති. මහින්ද රාජපක්ෂ ජනපති ද මීට සහභාගී වුහ. ශ්‍රීමහා බෝධිය අභියස සුදෝ සුදු සමන් පිච්ච මලින් අතුරා තිබිණි.