පිඟන් ගඩොල් 75ක් ඉල්ලා විදුහල්පතිට වෙච්ච දෙයක්


පාසල් කාමරයට පිඟන් ගඩොල් 75ක් ගැනීම සඳහා සිසුවකුගේ මවකගෙන් රුපියල් 53250ක් ගත්තැයි මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති සරත් විජේතිලක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඔහුට නියම විය.

පිඟන් ගඩොල් 75ක් සැපයීමේ පොරොන්දුව මත දරුවා පාසලට ඇතුළු කර ගත් නමුත් පිඟන් ගඩොන් නොසැපයීම නිසා පිඟන් ගඩොල් මිලට ගත් රිසිට් පත නැතිව දරුවාට පාසල් නොඑන ලෙස විදුහල්පති දන්වා ඇතැයි ද දරුවාගේ මව ඒ බව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.