චීනයේ ෂැංහයි නගරය දැක්වෙන පික්සෙල් බිලියන 195 ක අධිවිභේදන ජායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතී.
මිනිස් රූ, මාර්ග , වාහන වල අංක තහඩු ඇතුළු ඡායාරූපයේ දැක්වෙන සියල්ලක්ම ඉතාමත් පැහැදිලිව දැකගත හැකි වන පරිදි විශාලනය කර නැරඹිය හැකි වීම එම ඡායාරූපයේ විශේෂත්වය වේ.
එසේම අංශක 360 ක කෝණයකින් එය නැරඹීමට ද හැකි අතර මෙම ඡායාරූපය ක්වොන්ටම් තාක්ෂණය මගින් ලබා ගත් ඡායාරූපයක් වේ.
ඡායාරූප නැරඹීමට පිවිසෙන්න - https://preview.tinyurl.com/ybgykgcl
නිර්මාණශීලී ඡායාරූපකරණය සහ ක්ලවුඩ් ක්‍රමවේදය මගින් දත්ත සැකසීමේ ලොව ප්‍රමුඛ ආයතනයක් වන ජින්කන් තාක්ෂණික ආයතනය මගින් ෂැංහයි නගරයේ ඔරියන්ටල් පර්ල් කුළුණ මත සිට මෙම ඡායාරූපය ලබා ගෙන ඇත.
2015 වසරේදී ෂැංහයි ප්‍රවෘත්ති ආයතනය ෂැංහයි නගරය ඡායාරූපයට නැගීම සඳහා එම සමාගමෙන් ඉල්ලීමක් කර ඇත.
ආසියාවේ විශාලතම ඡායාරූපය වන එය ලොව විශාලතම ඡායාරූප අතරින් තෙවැනි තැනට පත්වී ඇත.
එය චන්ද්‍රිකාවකින් ලබා ගත් ඡායාරූපයක් ලෙස ට්විටර් පරිශීලකයෙකු ප්‍රචාරය කර තිබුණු නමුත් එය නිවැරදි කරමින් එම ඡායාරූපය චන්ද්‍රිකාවකින් ලබා ගත් එකක් නොවන බව පසුව එම පරිශීලකයා සඳහන් කර ඇත.