ඔහු මෙයට වසර 15කට පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. කාලයාගේ ඇවැමෙන් බීමට ඇබ්බැහිවු ඔහුට අවසානයේ උරුමවුයේ රෝමයේ පදික වේදිකාවයි. රැකියාවට අමතරව ඉතාලියේ රැදිසිටීමේ බලපත්‍රය පවා අහිමිවූ ඔහු අවසානයේදී යාචකයෙක් විය.
මෙයට වසර ගණනාවකට පෙර තෙරේසා මව්තුමිය ආරම්භ කළ ආනාත මඩමක පුජකවරියෝ පිරිසක් ඔහු සොයා පැමිණියහ. සියලු සැප සම්පතින් පිරි එම අනාත මඩම ඔහුගේ නාවාතැන විය. කාලයත් සමග රෝද පුටුව උරුම වූ ඔහුට සැත්කමක් කිරීමට අවශ්‍ය බව රෝහල් වෛද්‍යවරු නිගමනය කළහ.
එහෙත් ප්‍රශ්නය නම් ලාංකිකයාට ලියවිලි නොමැති වීමයි. අනාථමඩමේ පුජකවරියෝ රෝමයේ තානාපති කාර්යාලට ප්‍රශ්නය දැන්වුහ . විගස තාවකාලික ගමන් බලපත්‍රයක් මඩමට යැවිණි.
රෝම කුස්තුරා පොලිසියද පසුගිය 19 වැනිදා ආදාල ශ්‍රී ලාංකිකයා රැගෙන එන්නැයි පුජකවරියන්ට දැන්වීය. පරණ කොම්පියුටර් දත්ත ඔස්සේ ඉතාලි රැදීසිටීමේ බලපත්‍රයක් ලබාදීම සදහාය. එහෙත් අවාසනාවක තරම. 18වෙනිදා සවස් යාමයේ තට්ටු තුනකින් පහලට පැන ඔහු ජිවිතයෙන් සමුගෙන ගියේය.
ඔහු එම ගොඩනැගිල්ලෙන් පැන්නේදැයි සැකයකි. තවත් ලාංකිකයෝ දෙදෙනෙක් අනාථමඩමේ සිටිති. කුලියාපිටියේ විපුලද කිසිත් කරකියාගත දෙයක් නොමැතිව එහි අසරණව සිටියි. ඉතාලි රජයෙන් නිකුත් කළ කිසිදු ලියවිල්ලක් ඔහුටද නොමැත. තානාපති නිලධාරින් කියනුයේ විපුලට ඉතාලි රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට උපරිම උත්සහා කරන බවයි. විපුල තානාපති නිලධාරීන්ට කියා තිබෙනුයේ රෝමයේ සිටින ප්‍රසිද්ධ වංචා කරුවෙකු රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට තමන්ගෙන් යුරෝ 2000ක් ( රුපියල් 344000) ලබාගත් බවයි.