ගංගාරාමයේ පිංපෙට්ටියෙන් රුපියල් 790ක් හා ඩොලරයක් සොරසම් කළැයි කියන සරත් ෆනෑන්ඩු නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන හය වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු පිංපෙට්ටිය කඩද්දී අල්ලා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු වරද පිළිගත්තේය.