
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස නිල්වලා ගඟ අසල බුදුරුව අභිමුඛව ඇති පිංකැටේ එකතු වූ මුදල්වලින් අකුරැස්ස රෝහලහිග අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් පරිත්‍යාගයක් සිදු කිරීම පෝදා සිදු කෙරිණි.
රෝහල්වල පවතින බරපතළ ඖෂධ හිගය නිසා රෝහල් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණදෙමින් සිටිනා මෙවන් අවධියක රෝහලට ඖෂධ පරිත්‍යාගය බෙහෙවින්ම වටිනා බව අකුරැස්ස දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය මානක විදානපතිරණ මහතා පැවැසීය.
අකුරැස්ස ශාසණාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදෙනියේ සුමණසිරි හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් අකුරැස්ස බෞද්ධ පුනර්ජීවන සමිතියේ පිරිසක් එක්ව මෙම සත්කාරයේ සිදු කළහ.



