පෑලියගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පොලිසියේම පස් දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් පොලිසියේ පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් සිටිති.
මෝටර් රථයක් මංකොල්ලකෑමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී ඇතිවූ සැකයක් මත විමර්ශන කළ බවත්, ඒ අනුව පොලිසියේ පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

