එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ බලය හිමි පෑලියගොඩ නගර සභාවේ 2014 අය වැය වැඩි ඡන්ද තුනකින් අද පරාජයට පත් විය.
නගර සභාවේ සභාපති නිමල් ආනන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ප්‍රධාන ශාලාවේදී අය වැය විවාදයට ගැනිණී.
සභාපති විසින් ඉදිරිපත් කැරුණූ වාර්තාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තිදෙනකු හා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනකු අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

