රජයේ විදේශ ප්‍රතිපත්තිය ගැන බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ගෙන ආ යෝජනාවක් විවාදයට ගනිමින් සිටිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව යෑම නිසා අද (21) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීම උණුසුම් විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යෑමත් සමඟ එහි ගණපූර්ණය නැතිවූහෙයින් මුලසුනේ සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා සභාව කල් තැබීය.
ඒ සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු හූ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විරෝධය දැක්වූහ. සෙංකෝලය ද ඉවතට ගෙන යෑමට උත්සාහ ගත්හ.
සභාව කල්තැබීමෙන් පසු ද විපක්ෂ මන්ත්‍රීවරු එහි රැඳී සිටිමින් සභාව පවත්වාගෙන ගිය අතර සභාපති අසුන ඉදිරිපිට සිටගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සභාව මෙහෙයවීය.





