පෑන් බෝම්බයක් පනාමුරෙන්


කොපුව ගලවනවිට පුපුරා යන ලෙස මාකර් වර්ගයේ පෑනක සවිකළ බෝම්බයක්, මෙරට සහ පිටරට නිෂ්පාදිත  අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරෝම තුවක්කුවක්, සී4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්, සේවා නූල් සහ පිපිරවූ  පැරා වෙඩිල්ලක කොපුවක් සමග තරුණයෙක් සැකපිට පනාමුර වළල්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඇඹිලිපිටිය පොලීසියේ පරිසර ඒකකයෙන් 17දා සවස කළ වැටලීමකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ අත්අඩංගුවට පත් තරුණයාගේ නිවසේ තිබියදී ය. ප්‍රදේශයට නිතර ප්‍රභූන් පැමිණෙන නිසා එම ප්‍රභූවරයකු ඉලක්කය වූයේදැයි සොයන  බව පොලීසිය කියයි.