පැෆරල් සංවිධානය අධිකරණයට යන්න සැරසෙයි


සීමා නීර්ණය කමිටු වාර්තාව භාරගැනීම විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රතික්ෂෙප කරන්නේ  නම් ඊට එරෙහිව  නීතිමය ක්‍රීයා මාර්ග ගන්නට කටයුතු කරන බව පැෆරල් සංවිධානය පවසයි.

අමාත්‍යවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙම කටයුතු පමා කරන්නේ නම් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගතහැකි ක්‍රියාමාර්ග ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංවිධානය කියයි.

මේ සම්බන්ධව  පිළිබඳව නීතිපති විමසා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ද මැතිවරණ කොමිසමේ  සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.