පැළ තවාන් ව්‍යාපෘතිය කොට උඩ: වැයකළ මුදල් වතුරේ


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පැළ තවාන් වැඩසටහනක් සඳහා තෝරාගත් ව්‍යවසායකයින් 28 දෙනකු එම වැඩසටහන අතරමග නවතා දැමීම හේතුවෙන්   ඒ සඳහා වැය කෙරුණු මුදල් නාස්තිවී ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

නොගැලපෙන ප්‍රතිලාභීන් තෝරා ගැනීම හේතුවෙන් සත්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමි විය යුතු ව්‍යවසායකයන්ට අවස්ථාව අහිමිවී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ හා අදාළ නිරීක්ෂණ අනුව කටයුතු කරන්නැයි  විගනන අංශ නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රතිලාභීන් කීපදෙනකුගෙන් මුදල් අය කර ගෙන ඇති බවයි. සෙසු පිරිසෙන්ද මුදල් අය කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙම පැළ තවාන් වැඩසටහන හඳුන්වාදී තිබුණේ හරිත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුවය.

මේ තොරතුරු සඳහන් වන්නේ පරිසර අමාත්‍යාංශයේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය