(ෂෙහාන් චාමික සිල්වා)
සුදු වෑන් යොදගෙන 2009 දී කළ බව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නියෝගවලට එරෙහිව වර්තමාන නාවික හමුදාපතිවරයා කටයුතු කරන බවත් එම පරීක්ෂණවලට නාවික හමුදාපතිවරයා සහය නොදෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද(23) අධීකරණයට දැන්වීය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු උප පරීක්ෂක විජේසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද අධිකරණයේදී කියැවිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ හා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත තමන් රහස්‍ය වාර්තාවක් සැකසු බවත් එය එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන් බවත් විජේසිංහ මහතාගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.
ඉන්පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට එම වාර්තාව සම්බන්ධයෙන් කිසිවක් නොකරන ලෙසත් එය දින කිහිපයක් තබාගන්නා ලෙසත් ප්‍රකාශ කළ බව ද එම ප්‍රකාශයේ සඳහන් වී ඇත.
එම වාර්තාව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබු බවත් එය වෙනස් කර තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීවරයා ලබන අප්‍රේල් 06 දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.

