පසුගිය මාර්තු මාසයේ කලගෙඩිහේනේ දී පැහැරගත් වෑන් රථයක් ව්‍යාජ අංකයකින් මධ්‍යම පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබියදී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය දුටු ගමන් වෑන් රියදුරා පොලිස් නිලධරයන් සිටි දෙසට රිය කපා පළා ගිය නමුත් පොලිසිය පැය එකහමාරක් එය ලුහු බැඳ ගියේය.
අන්තිමේදී රියදුරා හක්වඩුවන ජබරහේන වත්තේ දී නිවසක් ඉදිරිපිට වෑන් රිය දමා වෙනත් වෑන් රියකින් ඔහු හා බිරිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය මාර්තු 26 වැනිදා මේ රිය කොල්ලකා ඇත්තේ පොලිස් ඇදුමට සමාන ඇදුමෙන් සිටි පිරිසක් බවත්, වෑන් රියේ ඡන්ද ලකුණක් ද මනාප අංකය සහිත ස්ටිකරයක් ද අලවා තිබූ ලකුණු ඇතැයි ද පොලිසිය සදහන් කරයි.