පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි


වාහන පැහැරගන්නා කල්ලියක සාමාජිකයකු වාහන හිමියකුද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වාහනය පැහැරගෙන යද්දී වාහන හිමියා දුන් පණිවුඩයක් අනුව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය ක්‍රියාත්මක  විය.

අදිවේගී මාර්ග පොලිසිය විසින් සැකකරුව කළුතර දකුණ පොලිසිය වෙත බාර දෙනු ලැබීය.