(තිලිණි ද සිල්වා)
පැහැරගත් නෞකාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දුරකතනයෙන් කතාබහ කළ බව නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කළ බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.

