කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත. පුන්ස්ලන්ත වෙරළාරක්ෂක නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව කම්පම් හෝ වෙනත් කිසිදු කොන්දේසියකින් තොරව මෙම නෞකාව මුදාහැර තිබේ.
නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කරමින් තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.

