පැසිපන්දු පරිපාලන සම්මන්ත‍්‍රණය 28-29 කොළඹදී


අන්තර්ජාතික පැසිපන්දු සංගමය විසින් දකුණු ආසියානු පැසිපන්දු කලාපය සදහා පවත්වනු ලබන පරිපාලන සම්මන්ත‍්‍රණය සඳහා ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය සත්කාරකත්වය දරයි. මෙම සම්මන්ත‍්‍රණය මේ මස 28 සහ 29 යන දින වල කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දකුණු ආසියානු කලාපයේ ජාතික පැසිපන්දු සංගම්වල මහලේකම්වරයා සහ විධායක අධ්‍යක්ෂක වරයෙකු නැතහොත් ක‍්‍රියාශ්‍රීලී සාමාජිකයෙකු මෙම සම්මන්ත‍්‍රණයට සහභාගී වීමට නියමිතය.

දකුණු ආසියානු කලාපයේ පැසිපන්දු කී‍්‍රඩාව වඩාත් සංවිධානාත්මක තත්ත්වයට ගෙන ඒම මෙම සම්මන්ත‍්‍රණයේ මූලික අරමුණ වන අතර අන්තර් ජාතික පැසිපන්දු සංගමයේ ආසියානු කලාපයේ මහ ලේකම් හැගෝප් කජිරාන් මහතා විසින් මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවයි.