පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් නිදහස් කරනු ලැබූහ. නඩුව නොපවත්වන බව දෙපාර්ශ්වයම අධිකරණයට දැන්වීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට දැන්වූයේ අගතියට පත් පාර්ශ්නය සිද්ධිය සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළකර ඇති හෙයින් හදුනා ගැනීමේ පෙරට්ටුවක් අනවශ්‍ය බවයි.
එය වෙනත් සිද්ධියක ප්‍රතිඵලයක් වී ඇතැයි ද අධිකරණයට කාරුණු දැක්විණි.