පැලෑන දුම්රිය හරස් මගට ගමෙන් ගේට්ටුවක්


(තරංග ගුණරත්න)

වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමේ ගම්වාසීහු කටයුතු කළහ.

දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවීම් මෙන්ම බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් වාර්තා වීය. මේ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනී ම නිසා මෙම පියවර ගෙන ඇත.

පැලෑන මහගෙදර වත්ත දුම්රිය හරස් මාර්ගය හරහා දෙස් විදෙස් විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

මෙ සදහා මාසිකව රුපියල් 25,000 ක මුදලක් වැයවන අතර එ සදහා කේ .කේ. ඒ . විරාජ් රංගනාත් , පි.පි. ජි. හසිත එරංග  , තිළිණ සේරසිංහ  ,චමිලා ප්‍රියන්තී , සහ විදුෂාන් මහතා ඇතුළු තරුණ කණ්ඩායම මෙම උතුම් සත්කාරය වෙනුවෙන් කැපවි සිටි.